Tuesday, November 13, 2012

හින්දි සින්දු වල සිංහල තේරුම් දීම



ඔන්න ඉතින් දවස දෙක තුනකට පස්සේ බ්ලොගියට පොඉස්ටුවක් දාන්න තරම් වටිනා දෙයක් හම්බ උනා.දන්නවනේ අපි ඉතින් මේ කෙහෙම්මල් උපෙයක් නිසා අතරමං වෙලා කුජිත වෙලා ඉන්නවා කියල.මොනවා කරන්නද?සංසාර කරුමෙනේ.ඉතින් මේ යන්නේ උපේ ගැන කියන්න නම් නෙමේ.
අපිට මේ සතියේ කෙමිස්ට්‍රි රිවිසෝන් වල තිබ්බේ කලාප සමතුලිතතාවය.ඕක තාම තියරි ක්ලාස් එකේවත් කලේ නැති කොට රිවිසෝන් එකේ කලාම හිතාගන්න පුළුවන්නේ,අප්පේ එදා නිදමත කට කපල එකයි.කලින් දවසේ නිදා ගන්නකොටත් 1 පැනල.ඉතින් මොනවා කරන්නද.මැයි තව එකෙකුයි එක්කහු වෙලා කම්මැලි කම යන්නත් එක්ක පොඩි ව්‍යාපෘතියක් කළා.හැබැයි හොරෙන්.ඕක අපේ අනිත් උන්ට පෙන්නුවම හොද ප්‍රතිචාර ආපු නිසා බ්ලොගියට දාන්න කල්පනා කළා,මොකක්ද දන්නවද අපි කලේ.ඔය ටොපියේ තියෙන්නේ.අන්න එක තමා.හින්දි සින්දු වලට සිංහල තේරුම් දෙන එක.අපේ රත්ගමයා කොලුවත් ඉංගිරිසි පිලුම් වලට සිංහල වර්සෝන් එකක් හදල තිබ්බනේ.නාඩියා නාඩිරත්න කොලුවත් ඉංගිරිසි සින්දු වලට සිංහල නම් අබිසේක කොරල තිබ්බනේ පහුගිය ටිකේ.මේක අපේ 2013 උපේ වර්සෝන් එක.බ්ලොගියට දාන්න පුළුවන් එව්වා විතරය් දැම්මේ.18+  21- ඒවා දාන්න ගියේ නැ ඔන්.මනුස්සයෙක්ට කටක් ඇරලා කියවන්න පුළුවන් එව්වා ටික විතරක් දැම්ම
1)Doorian Hay Zaroori - දුරියන් හරි සරයි,හැබැයි ගදයි
2)Thumhi ho bandhu satha thumi- `තුමිද බන්ධු ද සතා?තුමී
3)Dil tho pagal hai-දිල්,තෝ මොන රෙඅද්දකටද ගල පගුවේ?
4)Diwana hai Deko-දිවාන්ගේ දෙක
5)Ek Ladki ko Dekatho asa laga-එක ලඩ්ඩුවක්ද දෙකක්ද ලග තියා ගන්න හොද?
6)Lal Du patta-අඩෝ,ලාල් මන තෝව පට්ට ගහනවා
7)Neela Nila Ambar- නිල් නිල්  අඹ
8)Hawa main udithi Jaye-හවස එන්න කිව්වම උදේ ආවේ ඇයි ජයේ?
9)Ladki badi anjanee hai-අන්ජානි සමග ලඩ්ඩුවක් කා බඩි බිම බෝතලයක් බිවෙමි
10)Andeka anjanesa-අන්ජානා,අන්න දෙක
11)Behti Hawa Sa Tha Woh-බේහෙත් දුන්නේ හවස තවන්න
12)Dil laga na- දිල් ලග නෑලු
13)Dilbara-දිල්ට බරයි ලු
14)Haare Haare Haare-හරේ,යාන්
15)Halla Re- රෑ හැලුණා
16)Jai Ho- දිනපු උන්ට හු කියමු
17)Kabhi alvida naa kehna-කබ අල්ලන්නතුව කහපන්
18)Sun Sara - ඉරේ සැර
19)Thaa raa rum pum-රා ද හොද? රම් ද හොද?
20)Mere Baap pehle aap-මගේ බාප්පා ආප්පයක් වගේ
                                                           
ඔන්න ඉතින් දාන්න පුළුවන් සින්දු ටිකක් දැම්ම,හොදනම් කොමෙන්ටුවක් දාල යන්න.අඩුපාඩු ඇත්නම් කරුණාවෙන් පහදන්න.තව Time Pass කරන්න වෙලාවක් හම්බ උනොත් මේ වගේ ජින්ජිබිරිස් එකක් දාන්නම්,අපි ගියා :)
ප.ලි:උබල හිතුවේ මෙව්වා ලියල මම නෝට් එක ලියාගත්තේ නෑ කියලද?නෝට් එකත් කොහොම හරි ලියගත්තෝ:ඩි

Saturday, November 10, 2012

පෙන්නීම

   

කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්නත් බැරි උනා.ඒකට හේතුව උපෙ.අද නිකම් හිතුනා පොස්ට් එකක් දන්න ඕනේ කියල.ඉතින් දන්න ටොපික් එකක් කල්පනා කරද්දී හිතුනේ පිස්සු විකාරයක් ගැන නැතුව වෙන එකක් ගැන කියන්න.මේක ඉතින් නිතර කියවෙන දෙයක්.නමුත් මගේ වර්සන් එකක් ලියන්න හිතුණා.ඉතින් මට හිතුනේ ඇයි මෙච්චර අනිත් අයට අපි ෂෝ ඕෆ්(Show Off) කරන්නේ.සිංහලෙන් කියනවනම් පෙන්නන්න යන්නේ කියල.බැලූ බැල්මට පෙන්න තියෙන්නේ ටිකක් අභ්‍යාස අසබ්ය සම්බාව්‍ය මෙව්වා එකක් වගේ.නමුත් ඒක එහෙම නෑ කියල පොස්ටුව කියෙව්වම හිතෙයි,


අනිත් අයට පෙන්නනවා කියන්නේ කියල කිව්වේ මොකක්ද කියල බලමු.දැන් අපි ඕනෑම දෙයක් කරන්නේ පෙන්නන්න තමා.ගෙයක් හැදුවත්,වාහනයක් ගත්තත් බලන්නේ අනිත් අයට පෙන්නන්න.අපේ බාසාවෙන් කිව්වොත් ඇඩ් එක ඒක දානවා වගේ වැඩක.හැමෝම මෙහෙම නෑ.සමහරු සරල චාම් දිවියක් ගත කරනවා,එත් බහුතරයක් කරන්නේ පෙන්නන එක,නැත්තම් ඇඩ් එක දාන එ‍ක.ගොඩක්ම අය බලන්නේ තමන්ට තියෙනවා කියල පෙන්නන්න.තියෙනවා කියල පෙන්නන්න හදන්නේ සල්ලි,පිරිස් බලය,ජනප්‍රියත්වය,දැනුම.ඔය වගේ ඒවා තමා.

ඉතින් තමන්ගේ අවශ්‍යතාවය පැත්තක තියල රටට ලෝකෙට පෙන්නන්න ඊට යමක් ගන්න තමා හැමෝම බලන්නේ,උදාහරණයක් විදියට ගමක මගුලක් ගත්තත් රටට පෙන්නන්න තමා ගන්න බලන්නේ,රටත් අතින් ගත්තත් තමන්ගේ යුධ බලය කොච්චර විශාලද කියල ලෝකෙට පෙන්නන්න දගලනවා.දකුණු කොරියාව,ඇමරිකාව ඒ වගේ රටවල් දෙකක්.තව කොච්චර පෙන්නන ක්‍රම තියෙනවද?ටෙලිවිසෝන් එක ගත්තත් කරන්නේ පෙන්නන ඒක,ෆිල්ම් එකක් ගත්තත් කරන්නේ පෙන්නන ඒක,වැඩිපුරම ඔය පෙන්නන ඒක තියෙන්නේ ඉස්තිරි පාර්සවෙට නොවැ,එකනේ අපිට සමහර ලස්සන ෆිල්ම්සුත් බලන්න නැති වෙලා තියෙන්නේ.ඇයි ඉතින් අපේ උනුත් වැඩියෙන්ම බලන එක අරන් පෙන්නන උන්ව දාල මාකට් කරනවා.කිව්වට සොරි වෙන්න,සංදේශ කාව්‍ය වලත් ඉස්තිරින්ව මාකට් කරන එකනේ කලේ.

බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මාන වර්ග තුනක් ගැන.මාන oකිව්වේ ෆිසිස්‌ වල තනා මාන වර්ග නෙමේ.අපේ ගම්ගොඩේ බාසාවෙන් මාන්නේ කියන්නේ අන්න ඒකට.සේය්ය මාන,සදිස මාන,හීන මාන කියල තමා ඒ තුන හදුන්වන්නේ,දැන්නම් ඔව්ව ටිකක් අමතක වෙලා කාලයක් වෙනවනේ දහම් පාසල් ගිහිල්ල ඉවවෙලත් :) කොහොඅම උනත් ඕකෙනුත් මතක විදියට කියවෙන්නේ පෙන්නන එකක් ගැන.මොකද මානේ ඇති වෙන්නත් මේක පෙන්නන ඒක නිසානේ.කොහොම උනත් ඉහින් බුදු හාමුදුරුවොන්ගේ කාලෙත් පෙන්නන උන ඉදල තියෙනවා කියන ඒකට සාක්ෂි නේ මෙව්වා ඉතින්,

හැබැයි ඉතින් මිනිසා විතරක් නෙමේ පෙන්නන්න යන්නේ.සත්තුත් පෙන්නනවා.දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මිනිසාත් සතෙක් කියල,ජීවවිද්‍යාත්මක ඒකකයක් විදියට ගත්තම ඒක එහෙම උනත් මානසික අධ්‍යාත්මිකව ගත්තම මිනිසා උසස් කියල මිනිසාම කියනව,එහෙම බැලුවම තමා ඔක්කොටම වඩා බුද්දිමත් කියල මිනිසාම පෙන්නනවා.මොනරා උගේ පිල විදහා පෙන්නනවා.නමුත් ඌ එහෙම කරන්නේ යම්කිසි හේතුව ඇතුව,නමුත් මිනිසා???

පෙන්නන එක අඩු උනාම කොහොමද කියල නිකමට හිතලා බලන්න.අපේ ජිවන රටාව කොච්චර සරල වෙනවද?වියදම් අඩු වෙනවද?විභාග ලියන්න නහින්න ඕනෙද?හැමෝම ඩොකෙක් ඉන්ජියෙක් වෙන්න ඕනෙද??එත් මොනවා කරන්නද.මිනිසාගේ උපතෙදිම එන එකක්නේ පෙන්නීම.ලෝකෙම පෙන්නන එකේ අපිත් පෙන්නන් යනවා :p

දැන් කස්ටිය බලනවා ඇති මුට මොකක්ද මේ උනේ කියල.පෙන්නන එකක් ගැන කියවන්නේ මොකක් හරි දැකල නුලක්වත් බැදලද කියල හිතනවා ඇති,නෑ නෑ.මේ මගුල දකින දකින හැම එකාම කියන්නේ ඩොකෙක් වෙන්න බලපන් කියල.ටියුසොං ගුරොන්ටත් වඩා දැන් ඩොක්කු වැඩි කියන එක එකෙක්ටවත් තේරෙන්නේ නෑ.හැම එකාගෙම අදහස බැලුවම ඩොකෙක් උනාම ආඩම්බරයිලු.පුහ්.මොනවට කියනවද ?

P.S:දිග පොස්ටුවක් ලියවුනා.මොනවා කරන්නද?ලියන්න ගියාම මෙලෝ සිහියක් නෑනේ,අන්තිම වෙනකම් කියෙව්වනම් තැන්කු.කොමෙන්ටුවක් කාරිය දාල යනවනම් එල.

P.S2: හිතට එන අදහස් ටික ලියල දැම්මේ.වැරද්දක් තියෙනවනම් කාරුණිකව පෙන්නන්න ;)