Tuesday, November 13, 2012

හින්දි සින්දු වල සිංහල තේරුම් දීම



ඔන්න ඉතින් දවස දෙක තුනකට පස්සේ බ්ලොගියට පොඉස්ටුවක් දාන්න තරම් වටිනා දෙයක් හම්බ උනා.දන්නවනේ අපි ඉතින් මේ කෙහෙම්මල් උපෙයක් නිසා අතරමං වෙලා කුජිත වෙලා ඉන්නවා කියල.මොනවා කරන්නද?සංසාර කරුමෙනේ.ඉතින් මේ යන්නේ උපේ ගැන කියන්න නම් නෙමේ.
අපිට මේ සතියේ කෙමිස්ට්‍රි රිවිසෝන් වල තිබ්බේ කලාප සමතුලිතතාවය.ඕක තාම තියරි ක්ලාස් එකේවත් කලේ නැති කොට රිවිසෝන් එකේ කලාම හිතාගන්න පුළුවන්නේ,අප්පේ එදා නිදමත කට කපල එකයි.කලින් දවසේ නිදා ගන්නකොටත් 1 පැනල.ඉතින් මොනවා කරන්නද.මැයි තව එකෙකුයි එක්කහු වෙලා කම්මැලි කම යන්නත් එක්ක පොඩි ව්‍යාපෘතියක් කළා.හැබැයි හොරෙන්.ඕක අපේ අනිත් උන්ට පෙන්නුවම හොද ප්‍රතිචාර ආපු නිසා බ්ලොගියට දාන්න කල්පනා කළා,මොකක්ද දන්නවද අපි කලේ.ඔය ටොපියේ තියෙන්නේ.අන්න එක තමා.හින්දි සින්දු වලට සිංහල තේරුම් දෙන එක.අපේ රත්ගමයා කොලුවත් ඉංගිරිසි පිලුම් වලට සිංහල වර්සෝන් එකක් හදල තිබ්බනේ.නාඩියා නාඩිරත්න කොලුවත් ඉංගිරිසි සින්දු වලට සිංහල නම් අබිසේක කොරල තිබ්බනේ පහුගිය ටිකේ.මේක අපේ 2013 උපේ වර්සෝන් එක.බ්ලොගියට දාන්න පුළුවන් එව්වා විතරය් දැම්මේ.18+  21- ඒවා දාන්න ගියේ නැ ඔන්.මනුස්සයෙක්ට කටක් ඇරලා කියවන්න පුළුවන් එව්වා ටික විතරක් දැම්ම
1)Doorian Hay Zaroori - දුරියන් හරි සරයි,හැබැයි ගදයි
2)Thumhi ho bandhu satha thumi- `තුමිද බන්ධු ද සතා?තුමී
3)Dil tho pagal hai-දිල්,තෝ මොන රෙඅද්දකටද ගල පගුවේ?
4)Diwana hai Deko-දිවාන්ගේ දෙක
5)Ek Ladki ko Dekatho asa laga-එක ලඩ්ඩුවක්ද දෙකක්ද ලග තියා ගන්න හොද?
6)Lal Du patta-අඩෝ,ලාල් මන තෝව පට්ට ගහනවා
7)Neela Nila Ambar- නිල් නිල්  අඹ
8)Hawa main udithi Jaye-හවස එන්න කිව්වම උදේ ආවේ ඇයි ජයේ?
9)Ladki badi anjanee hai-අන්ජානි සමග ලඩ්ඩුවක් කා බඩි බිම බෝතලයක් බිවෙමි
10)Andeka anjanesa-අන්ජානා,අන්න දෙක
11)Behti Hawa Sa Tha Woh-බේහෙත් දුන්නේ හවස තවන්න
12)Dil laga na- දිල් ලග නෑලු
13)Dilbara-දිල්ට බරයි ලු
14)Haare Haare Haare-හරේ,යාන්
15)Halla Re- රෑ හැලුණා
16)Jai Ho- දිනපු උන්ට හු කියමු
17)Kabhi alvida naa kehna-කබ අල්ලන්නතුව කහපන්
18)Sun Sara - ඉරේ සැර
19)Thaa raa rum pum-රා ද හොද? රම් ද හොද?
20)Mere Baap pehle aap-මගේ බාප්පා ආප්පයක් වගේ
                                                           
ඔන්න ඉතින් දාන්න පුළුවන් සින්දු ටිකක් දැම්ම,හොදනම් කොමෙන්ටුවක් දාල යන්න.අඩුපාඩු ඇත්නම් කරුණාවෙන් පහදන්න.තව Time Pass කරන්න වෙලාවක් හම්බ උනොත් මේ වගේ ජින්ජිබිරිස් එකක් දාන්නම්,අපි ගියා :)
ප.ලි:උබල හිතුවේ මෙව්වා ලියල මම නෝට් එක ලියාගත්තේ නෑ කියලද?නෝට් එකත් කොහොම හරි ලියගත්තෝ:ඩි

Saturday, November 10, 2012

පෙන්නීම

   

කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්නත් බැරි උනා.ඒකට හේතුව උපෙ.අද නිකම් හිතුනා පොස්ට් එකක් දන්න ඕනේ කියල.ඉතින් දන්න ටොපික් එකක් කල්පනා කරද්දී හිතුනේ පිස්සු විකාරයක් ගැන නැතුව වෙන එකක් ගැන කියන්න.මේක ඉතින් නිතර කියවෙන දෙයක්.නමුත් මගේ වර්සන් එකක් ලියන්න හිතුණා.ඉතින් මට හිතුනේ ඇයි මෙච්චර අනිත් අයට අපි ෂෝ ඕෆ්(Show Off) කරන්නේ.සිංහලෙන් කියනවනම් පෙන්නන්න යන්නේ කියල.බැලූ බැල්මට පෙන්න තියෙන්නේ ටිකක් අභ්‍යාස අසබ්ය සම්බාව්‍ය මෙව්වා එකක් වගේ.නමුත් ඒක එහෙම නෑ කියල පොස්ටුව කියෙව්වම හිතෙයි,


අනිත් අයට පෙන්නනවා කියන්නේ කියල කිව්වේ මොකක්ද කියල බලමු.දැන් අපි ඕනෑම දෙයක් කරන්නේ පෙන්නන්න තමා.ගෙයක් හැදුවත්,වාහනයක් ගත්තත් බලන්නේ අනිත් අයට පෙන්නන්න.අපේ බාසාවෙන් කිව්වොත් ඇඩ් එක ඒක දානවා වගේ වැඩක.හැමෝම මෙහෙම නෑ.සමහරු සරල චාම් දිවියක් ගත කරනවා,එත් බහුතරයක් කරන්නේ පෙන්නන එක,නැත්තම් ඇඩ් එක දාන එ‍ක.ගොඩක්ම අය බලන්නේ තමන්ට තියෙනවා කියල පෙන්නන්න.තියෙනවා කියල පෙන්නන්න හදන්නේ සල්ලි,පිරිස් බලය,ජනප්‍රියත්වය,දැනුම.ඔය වගේ ඒවා තමා.

ඉතින් තමන්ගේ අවශ්‍යතාවය පැත්තක තියල රටට ලෝකෙට පෙන්නන්න ඊට යමක් ගන්න තමා හැමෝම බලන්නේ,උදාහරණයක් විදියට ගමක මගුලක් ගත්තත් රටට පෙන්නන්න තමා ගන්න බලන්නේ,රටත් අතින් ගත්තත් තමන්ගේ යුධ බලය කොච්චර විශාලද කියල ලෝකෙට පෙන්නන්න දගලනවා.දකුණු කොරියාව,ඇමරිකාව ඒ වගේ රටවල් දෙකක්.තව කොච්චර පෙන්නන ක්‍රම තියෙනවද?ටෙලිවිසෝන් එක ගත්තත් කරන්නේ පෙන්නන ඒක,ෆිල්ම් එකක් ගත්තත් කරන්නේ පෙන්නන ඒක,වැඩිපුරම ඔය පෙන්නන ඒක තියෙන්නේ ඉස්තිරි පාර්සවෙට නොවැ,එකනේ අපිට සමහර ලස්සන ෆිල්ම්සුත් බලන්න නැති වෙලා තියෙන්නේ.ඇයි ඉතින් අපේ උනුත් වැඩියෙන්ම බලන එක අරන් පෙන්නන උන්ව දාල මාකට් කරනවා.කිව්වට සොරි වෙන්න,සංදේශ කාව්‍ය වලත් ඉස්තිරින්ව මාකට් කරන එකනේ කලේ.

බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මාන වර්ග තුනක් ගැන.මාන oකිව්වේ ෆිසිස්‌ වල තනා මාන වර්ග නෙමේ.අපේ ගම්ගොඩේ බාසාවෙන් මාන්නේ කියන්නේ අන්න ඒකට.සේය්ය මාන,සදිස මාන,හීන මාන කියල තමා ඒ තුන හදුන්වන්නේ,දැන්නම් ඔව්ව ටිකක් අමතක වෙලා කාලයක් වෙනවනේ දහම් පාසල් ගිහිල්ල ඉවවෙලත් :) කොහොඅම උනත් ඕකෙනුත් මතක විදියට කියවෙන්නේ පෙන්නන එකක් ගැන.මොකද මානේ ඇති වෙන්නත් මේක පෙන්නන ඒක නිසානේ.කොහොම උනත් ඉහින් බුදු හාමුදුරුවොන්ගේ කාලෙත් පෙන්නන උන ඉදල තියෙනවා කියන ඒකට සාක්ෂි නේ මෙව්වා ඉතින්,

හැබැයි ඉතින් මිනිසා විතරක් නෙමේ පෙන්නන්න යන්නේ.සත්තුත් පෙන්නනවා.දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මිනිසාත් සතෙක් කියල,ජීවවිද්‍යාත්මක ඒකකයක් විදියට ගත්තම ඒක එහෙම උනත් මානසික අධ්‍යාත්මිකව ගත්තම මිනිසා උසස් කියල මිනිසාම කියනව,එහෙම බැලුවම තමා ඔක්කොටම වඩා බුද්දිමත් කියල මිනිසාම පෙන්නනවා.මොනරා උගේ පිල විදහා පෙන්නනවා.නමුත් ඌ එහෙම කරන්නේ යම්කිසි හේතුව ඇතුව,නමුත් මිනිසා???

පෙන්නන එක අඩු උනාම කොහොමද කියල නිකමට හිතලා බලන්න.අපේ ජිවන රටාව කොච්චර සරල වෙනවද?වියදම් අඩු වෙනවද?විභාග ලියන්න නහින්න ඕනෙද?හැමෝම ඩොකෙක් ඉන්ජියෙක් වෙන්න ඕනෙද??එත් මොනවා කරන්නද.මිනිසාගේ උපතෙදිම එන එකක්නේ පෙන්නීම.ලෝකෙම පෙන්නන එකේ අපිත් පෙන්නන් යනවා :p

දැන් කස්ටිය බලනවා ඇති මුට මොකක්ද මේ උනේ කියල.පෙන්නන එකක් ගැන කියවන්නේ මොකක් හරි දැකල නුලක්වත් බැදලද කියල හිතනවා ඇති,නෑ නෑ.මේ මගුල දකින දකින හැම එකාම කියන්නේ ඩොකෙක් වෙන්න බලපන් කියල.ටියුසොං ගුරොන්ටත් වඩා දැන් ඩොක්කු වැඩි කියන එක එකෙක්ටවත් තේරෙන්නේ නෑ.හැම එකාගෙම අදහස බැලුවම ඩොකෙක් උනාම ආඩම්බරයිලු.පුහ්.මොනවට කියනවද ?

P.S:දිග පොස්ටුවක් ලියවුනා.මොනවා කරන්නද?ලියන්න ගියාම මෙලෝ සිහියක් නෑනේ,අන්තිම වෙනකම් කියෙව්වනම් තැන්කු.කොමෙන්ටුවක් කාරිය දාල යනවනම් එල.

P.S2: හිතට එන අදහස් ටික ලියල දැම්මේ.වැරද්දක් තියෙනවනම් කාරුණිකව පෙන්නන්න ;)


Saturday, October 06, 2012

ෆුට් බෝල් ගහන්න කියාපු ප්ලේස් එක :)

මේක මගේ මේ බ්ලොග් එකේ පලවෙනි පොස්ටුව.මෙච්චර කල් ටෙකි දෙකක් කලාට මොකෝ මට එන ගොන් අදහස් ලියන්නත් එකක් පටන් ගන්න මේක ඕපන් කළා.:) ඉතින් වෙලාව තියෙන විදියට අප්ඩේට් කරන්නම්.අපොස උපේ නිසා මාව මන්ද මෝල් වෙලා ඉන්නේ.මෝල් කියන්නේ පිස්සුවට හොදේ අර මෙව්වා එක නෙමේ ;)

                       
මේක මම බට්ටා කාලේ උන එකක්.ඒ කිව්වේ සාපෙ කාලේ.ඒ කාලේ අපී ක්ලාස් ටීචර් තමා සුනිල් සර්.ඉගැන්නුවේ ඉතිහාසය.නියම සර්.වයසයි,හැබැයි සාරුක් කාන් වගේ,

අපි හුරතලේට කිව්වෙත් සාරුක් කාන් කියල,දන්නවනේ ඔය කලේ තමා පීරියඩ් කපන වැඩේ පටන් ගන්න කාලේ.සමහර ඈයෝනම් උප්පත්තියෙන්ම කාලච්චේද කපන්න හපන්නුනේ අපි ඔව්ව වැඩිය නොකලට ;) ඉතින් අපේ උන්ට මුලින්ම තිබ්බේ ඉතිහාසය,සාරුක් සර්ගේ පීරියඩ් එක.මොන පීරියඩ් එක කට කලත් ඒක කට කරන යන්නේ නෑ.ඒ තරම් අපේ ඇයො සර්ට ආදරෙයි.කොටින්ම පන්සිල් ගන්නකොට කියව කියව හිටියත් සර් එනකොට අපේ උන් ඇස් වහගෙන බිම බලාගෙන වදින්නේ.සර්රුත් හිතන්නේ අපි තරම් බොදු ගොවි දරුවෝ ටිකක් සේක්සන් එකේම නෑ කියල.ඉතින් මේ සිද්දිය වෙනකොට ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක කාලේ.අපිටත් ෆුට්බෝල් මාන්දම,ෆුට්බෝලයක චායාවක් හරි දැක්කොත් කෙල ගිලෙනවා,ඉතින් අපේ මොකෙක් හරි එකෙක් ගෙදරින් ෆුට් බෝලයක් ගේනවා.එදාට අපිටත් රජ මගුල් :) කවුරු ගරි ෆුට් බෝලයක් ගෙනාවේ නැත්තම් අසරණ කොකාකෝලා බෝතල්,ස්ප්‍රයිට් බෝතල්,එහෙමත් නැත්ත්යම් ටෙනිස් බෝල තමා තැලෙන්නේ.පීරියඩ් අටම උගන්නලා පැය කාලක විවේකය ඇද්ද මැච් එකක් ගහන්න ?? ඉතින් සෞක්‍ය පීරියඩ් එකත් ෆුට්බෝල් වලට යෙදවෙනවා.අයිටී කරන උනුත් එදාට සෞක්‍ය කරන්නේ.
                                                   

 මේ කාලේ අපේ සේක්සන් හෙඩ් උනේ කුමාර කියල සර් කෙනෙක්,සර්ට නම දාපු කෙනාට වැරදිලා කු යන්නක් සෙට් වෙලා තියෙන්නේ.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරයෙක් කිව්වොත් නිවැරදියි.කලුයි මහතයි.දහම් පාසලේ මාරයා ගැන අහල තිබ්බට මොකෝ හැබැහින් මාරයා දැක්කේ ඔය සාපෙ කාලේ.සාපෙ කාලේ මාරයාගේ සාපය අපිට සුපිරියටම වැදිලා තිබුනේ.අපිට ෆුට්බෝල් මේනියාව තිබ්බට මාරයට ෆුට්බෝල් දිරවන්නේ නෑ.හැමදාම අපේ උන් ගෙන ෆුට්බෝලයක් හරි පරිසමට තමන්ගේ කාර්යාලයට අරන් යන එක පුරුද්දක් උනා.
                                        අපේ කස්ටිය ෆුට්බෝල් ගැහුවේ ෂර්ට් ගලවලා ග්‍රවුන්ඩ් එකේ දැල් වල එල්ලලා,ඉතින් මාරයා පාත් උනොත් සදා සොත්ති තමා.ඉතින් මේ කියන දවසේ මන් වහන්සේ කතා පොතකට යට වෙලා උන්නේ.ඒ නිසාම පොඩි ඔලුව කක්කුමකුත් සෙට් වෙලා අයිටී පීරියඩ් එක කැපුනා.(කට් උනා,කළා නෙමේ උනා :ඩි)අපිලට අයිටිනම් අනිත් උන්ට සෞක්යනේ.ඉතින් එදාට පක්සේ මාරු කරලා සෞක්යට ගිය උන් ටිකයි රියල් සෞක්‍ය උන් ටිකයි ග්‍රවුන්ඩ් ඒකට වෙලා වර්ල්ඩ් කැප එක පටන් අරන් තිබ්බ.දැන් පීරියඩ් එකත් ඉවරයි,වර්ල්ඩ් කැප ගහන අපේ අය එකා එකා පන්තියාට ආවා,තුන් දෙනෙක් ඇරෙන්න.ඉඉලග පීරියඩ් එක ෆ්‍රී.ඉතින් අපේ සාරුක් සර් ඒ පීරියඩ් ඒකට අපේ පන්තියට ආවා.දැන් අපේ උන් සතුටු සාමිච්චිය.මන් තුමා පොතට යට වෙලා.තව උන් අරක කරනවා.මේක කරනවා.කිරියාකාරකම් ගොඩයි.ඔය අස්සේ පොඩි හිකි හිකියක් ඇහෙනවා.මන් ඔලුව උස්සලා බැලුවා.අපේ සර් මොනවා හරි බල බල අනිත් උන්ට එක එක ඒවා කියනවා.මාත් ඔහේ පොඩ්ඩක් සර් බලන පැත්ත බැලුවා.අහ ඉඉට කලින් මේ ඉමේජ් එක බලල ඉන්නකෝ,අපේ පන්ති තිබ්බ තැන දල සැලැස්මක් මේ,රතු පාටින් තියෙන්න අපේ පන්තිය :)




ඉතින් ඔක්කොම බලන්නේ ටොයිලට් තියෙන පැත්ත.බැලුවම කට්ටියක් ටොයිලට් අස්සෙන් ඔලුව දානවා.ආපහු ඇතුලට ගන්නවා.බැලුවම අපේ අර වල්ඩ් කප් ප්ලේයර්ස්ලා.සුවර් එකටම මාරයා පනින්නති මැච් එක බලන්න.මුන් පන්තියට එද්දී සර්ව දැකල ටොයිලට් එකේ රිංගන්න ඇති.අපේ සර්රුත් ඉන්නවා පීරියඩ් එක ඉවර වෙනකම් අද දෙන්නම් ජම්බු කියල.:) අපිටත් ආතල්.
                                       දැන් පීරියඩ් එක ඉවර වෙන්න කිට්ටුයි,සර් කලේ මොකද්ද දන්නවද?මාරයගේ කාමරෙන් වෙවලකුත් අරන් ටොයිලට් එක ලගට කිට්ටු උනා. දැන් ෆිල්ම් එකේ ඉන්ටර්වල් එක.අපිත් පොප් කොන් තියන් ඉන්නවා ඉතිරිය පටන් ගන්නකල්, ඔන්න ඉන්ටවල් එකෙන් පස්සේ පටන් ගන්නේ කොරිඩෝවේ ජවනිකාවකින්,.අරුන් තුන් දෙනා දනගහගෙන ඉන්නවා,අපේ සරුත් එක්සර්සයිස් වලටත් එක්ක හොදට දෙනවා ඇත දිග ඇරලා.අපිත් ජැකී චෑං ගේ පිල්ම් එකක් බලන්න වගේ දොරේ එල්ලිලා බලනවා.හරි...සර්ගේ එක්සසයිස් ටික ඉවර උනාමැ අරුන් තුන් දෙනාවත් අරන් පන්තියට වැඩම කළා ..දැන් තමා ප්‍රශ්න ඇසීමේ වාරය.සර් අහනවා "අයිසේ තමුසෙලා කොහෙද හිටියේ???"
අරුන්ගෙන් එකෙක්- ග්‍රවුන්ඩ් එකේ
සර්- එතකොට මම එනකොට???
අරුන්ගෙන් එකෙක්- (ලජ්ජාවෙන්) ටොයිලට් එකේ
සර්-පැය බාගයක්?
අරුන්ගෙන් එකෙක්- -------------------------
සර්- තමුසෙලා මොනවද කලේ???
අරුන්ගෙන් එකෙක්- ෆුට් බෝල් ගැහුවා සර්
 එතනින් එහාට සර් උන්ගේ ෆුට් බෝල් නහරේ ගලවෙනකම්ම බයිට් කළා.ඔන්න මේක කියවන 16- උන්දලා අත්හදා බලනවා නෙමේ.
ප.ලි:මේකේ  අරුන්ගෙන් එකෙක් මට පාරේදී හම්බ වෙලා හොස්පිටල් ගත නොකරන සේක්වා!!!! :)
ප.ප.ලි-අරුන් ටොයිලට් එකේ ෆුට් බෝල් ගහන්න හේතුව මාරයා වැඩම කිරීම නිසා තමා මාරයා ගැන පොඩි විස්තරයක් කලේ,මාරයා ගැන හොද හොද එව්වා ඉස්සරහට කියන්නම්කො :)
ඔන්න ඔහොමයි මගේ පලවෙනි පොස්ටුව.විවේචනයක් ඉදිරපත් කරලම යන්න.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ :පි