Sunday, July 07, 2013

ඒ අස්සේ එක එක පජාත හීන පේන්නේ ය


විබාගෙට ඇත්තේ මාසයක් ය.මා මේ කතා කරන්නෙ උපේ කියන විබාගය ගැනය.එය ගැන කියලා වැඩක් නැත.ලියා ම බලන්න ඕනෑ ය.මහ එපා කරපු විබාගයකි.ලස්සනම අවුරුදු දෙකහමාර විනාස කළ යුත්තේ මෙයට ය.අනේ මංදා ය.මට නිකං හොල්මන් වගේ ය.එය විබාගය ළං වද්දී වන්නක් විය යුතුය.බයක්නම් නැත.බය වන්නේ විෂය දන්නා උන් ය.විෂය නොදන්නා අප වන් උතුමන් කවරකට බය වම් ද?
   මාද වසර දෙකහමාරකට පමණ පෙර බ්‍රයිටෙක් වී සිටියේ ය.ඒ සුන්දර අතීතය අදටද මතක ය.දැන්නම් බයිටෙක්ම වෙලා ය.හරි කුජීත ය.ඒ සුන්දර දවස් වල අවසාන කාලයේ කොහේදෝ යන ගස්ලබ්බෙක් මට facebook ගැන කීවේ ය..විනාසය ආරම්බ වන්නේ එතැන් සිට ය.උට පාට පාටින් බඩ ගියත් මදි ය.මට ඌ මොකාදැයි මතක නැත.ඒ මගේ වාසනාවටද උගෙ කරුමෙටදැයි නොදනිමි.අපේ අසරණ අහිංසක කාලය නිසා මාක් සකර්බර්ග් හිපාටුවා කෝටිපතියෙකු විය.අප දුප්පත් වී ඇත..
  කෙහෙම්මල් බුකියට ලොග් වීමට මා දැමූ එයාටෙල් කාඩ් වල ගාන එකතු කර ඒ ගානට රුපියලේ කොටස් සත දහයක ගත්තේ නම් මම අද බහුජාතික දේශද්‍රෝහී සමාගමක කොටස් හිමියෙක් ය.මෙව්වා අපේ අහිංසක හීන ය.
  උපෙ පටන් ගන්නා කාලයේ සිටම මම හොදින් විබාගය ලියනවා යැයි සිතා උන්නේ ය.දැන් උවද හොදින් ලියන්නට ඔක්කොම සූදානම් ය.විබාග දෙපාර්තමේන්තුවෙන් ඕනෑ තරම් කොළ දෙන්නේ ය.ලිවීමට අවශ්‍ය පෑන් ද මා සතුව ඇත.එකම අඩුපාඩුව ලිවිමට කිසිවක් මතකයේ නොවීම ය.
  කියන්නට ඕනෑ ය.මේ දවස් වල මට හොදින් නින්ද යන්නේ ය වෙනදාටද වඩා හොදින් නින්ද යන්නේ ය.ඒ අස්සේ එක එක පජාත හීන පේන්නේ ය.දවසක් මා උපෙ හීනෙන්ම ඔන්ලයින් ලියා ඇත.එදානම් පට්ට ය.පේපරේ විභාග අංකයක් අසා තිබුණේ නැත.අසා තිබුණේ ෆේස්බුක් යූසර් අයිඩී එකය.සිං සිං ගා එය ලියවුනේ ය.අල්ලපු වැටේ එකාව චැට් එකට අල්ලාගෙන යන්‍තම් උත්තර දෙක තුනක් ලිවේ ය.mcq වල බලන්න දෙයක් නැත.කොටු කොලේ ඔහේ ටික් දාගෙන ගියේ ය.හරියට newsfeed එකේ උඩ ඉදන් ලයික් දාගෙන එනවා වගේ ය....ව්‍යුහගත පේපරේ ගෙන බයිලයක් ලීවේ ය.නිකම් ඉස්ටේටස්සු දානවා වගේ ය.පට්ට ආතල් ය.ලිව්වෙ මොකක්ද කියා මටද මතක නැත...රචනා පේපරේ පිටිපස්සේ එකාගෙන් ශෙයා වි ය.කරුමෙට ststus via කෑල්ල සාලාදිපතියා දැක්කේ ය.ඌ මට පෝක් කලේ ය.මාද පෝක් බැක් කලේ ය..ඌ මාව බ්ලොක් කර විබාග සාලාවෙන් දොට්ට දැමීය.අපේ පන්තියේ ගොට්ටෝ ඊට ලයික් කළහ.එවේලේ මා හිතේ දුකට ලොගවුට් විමට උත්සහ කලේ ය.එවිට මොකක්දෝ සද්දයක් ඇසුණේ ය.මා ක්ලාස් එකේ ය.මම හීනයක් දැකලා ය.සර් සංගෘහිත සර්කිට් උගන්නන්නේ ය.මට මේ දවස් වල ඔහොම හීන පේන්නේ ය.
  බුකිය ගැන ලියා පලක් නැත.මා දැන් යමි.එකෙක් දැන් මෙසේජ් කලේ ය.මට ෆොටෝ එකක් ඌ ටැග් කරලා ය.ලයික් හිඟා කන්නේ ය.බුකිගත වීමට මා යන්නේ ය.මෙවර උපෙ ලියන උබලා හැමෝටම සුභ විබාග සෙසන් එකක් වේවා.!මං වගෙ නැතුව හොඳට ලියපල්ලා.>>>>>අපි කැපුණා @#$&-==())@*&%$#